තලේබාන්ලා ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනයත් වෙනස් කරයි

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශක අහමඩ් ටාඛී ප්‍රකාශ කර තිබේ.

‟අපි ජාත්‍යන්තර සම්මතයන් අපගේ අධ්‍යාපනයටත් ඇතුලත් කර ගැනීමට පියවර ගන්නවා. එමගින් අපිට අනෙකුත් රටවල් වල අධ්‍යාපන මට්ටම් එක්ක තරඟ කිරීමට හැකියාව ලැබෙනවා.” යනුවෙන්ද ටාඛී සඳහන් කර ඇත.


මේවන විට ඇෆ්ගනිස්ථානය පුරා එකිනෙකට වෙනස් වූ විෂය මාලාවන් 165ක් ක්‍රියාත්මක වේ. එමගින් මූලික උපාධි පාඨමාලා 20කද තවත් පශ්චාත් උපාධි පාඨමාලා 15කද විෂය මාලාවන් මේවන විට සකස් කර අවසන් බවද තලේබාන් සංවිධානය සඳහන් කරයි.

මේ අතර පසුගියදා තලේබාන් සංවිධානයේ නායකින් විසින් දේශපාලන තනතුරු කිහිපයක්ම වෙනස් කිරීමට පියවරගෙන තිබිණි. එහිදී උසස් අධ්‍යාපනය අමාත්‍යධුරයද වෙනස් කිරීමට පියවර ගෙන තිබිණි.

තලේබාන් සංවිධානයේ මෙම හදිසි තනතුරු මාරුවට හේතු වූයේ එරට උසස් අධ්‍යාපන කටයුතු වලින් ගැහුණු ළමුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබීමට ජාත්‍යන්තරය පුරා දැඩි විරෝධයක් මතු වීමත් සමඟයි. මේ අතර තමන් ගැහැණු ළමුන් සඳහාම වූ ද්විතීක අධාපන අයාතනය පිහිටුවීමටද පියවර ගන්නා බවද තලේබාන් සංවිධානය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙත් මෙම ආයතන පිහිටුවීම කටයුතු කරන කාලය වකවානුවන සම්බන්ධයෙන් මෙතක් නිසි සඳහන් කර නොමැත.

Exit mobile version