තල්අඩි පාලම යට සහ ඒ අවට ධීවර කර්මාන්තය සඳහා අවුරුදු 43කට පසු ධීවරයින්ට අවසර

දිනසේන රතුගමගේ

වසර 43 කට පසුව මන්නාරමේ තල්අඩි පාලම යට හා ඒ වට ප්‍රදේශයේ මසුන් මැරීම සඳහා මන්නාරමේ ධීවරයින්ට යුද හමුදාව විසින් ඊයේ (1) සිට අවසර ලබා දී තිබේ.

යුද්ධය නිසා තල් අඩි පාලම හා ඒ අවට ප්‍රදේශයේ මසුන් මැරීමේ කටයුතු මීට වසර 43 කට ඉහතදී නවතා දමන ලද්දේ තල් අඩි යුද හමුදා කඳවුරේ ආරක්ෂාවට හා එම මාර්ගයේත් පාලමේ ආරක්ෂාවත් උදෙසාය.

පාලම හා ඒ අවට මුහුදේ මසුන් මැරීමේ කටයුතුවල අතීතයේ සිට නිරත වූයේ මන්නාරමේ සුළුපන්න ධීවරයින්වන අතර ඔවුන්ට අවසරය ලැබීමත් සමගම යළි මසුන් මැරීමේ කටයුතු ආරම්භ කළේය.

මන්නාරමේ නාගතල්තීව්, පෙරිය නාවක්කුලම්, මන්ති, තිරුක්කේදීශ්වරම් යන පළාත්වල සුළුපන්න ධීවරයින්ට තල් අඩි පාලම අසල මසුන් මැරීමේ කටයුතුවල නිරත වීමට පමණක් නොව පාලම අවට මුහුදු තීරයේ බෝට්ටු නතර කිරීමටද යුද හමුදාවෙන් අවසර ලැබී තිබේ.


මන්නාරමේ යුද හමුදා නිලධාරීන් මන්නාරමේ ධීවරයින් හමු වීමට එම පාලම අසලට පැමිණි අතර අලුතින් මසුන් මැරීමේ කටයුතු වල නිරත ධීවරයින්ට සුබ පැතීමද සිදු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ද මනාරමේ ධීවර සමීති නායකයෝද එක් වී සිටියහ.

Exit mobile version