තම ප්‍රිය මිත්‍ර හර්ෂ ද සිල්වා බොරු කී බව මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් කියයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය  සත්‍යයෙන් තොර  බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  ඔහු ඇසුරට ප්‍රිය දීර්ඝකාලීන මිත්‍රයෙක් වුවත් මාධ්‍ය හමුවේ තමන් සම්බන්ධ කර කළ ප්‍රකාශය  නිවැරදි නොවන බව  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  පවසා කර ඇත.

ගොඩගම දී පැවති ජන රැළියක් අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (13) සවස   කීවේ  මෙසේය.

“ මට හම්බවුනා දැනට සති එක හමාරකට දෙකකට පමණ පෙර මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්.  නෂීඩ් කිව්වා අපි කෝපි එකක් බොමු කියලා.   නෂීඩ් හටපු ජනාධිපති. දැන් කතානායක මාල දිවයිනේ.  නෂීඩ් මට කිව්වා හර්ෂ. මට ආණ්ඩුවෙන් කොන්ට්‍රැක්ට් එකක් දීලා තියනවා. කියලා. මම මේක පළවෙනි පාරට මාධ්‍යයට කියන්නෙ.


හදිසි අවස්ථාවක් ලෙස සලකලා අපට තෙල් ටිකක් ගේන්න ඩොලර් ටිකක් හොයා ගන්න. මම කතා කළා එම්.බී.එස්.ට. එම්.බී.එස් කියන්නෙ මොහොමඩ් බින් සල්මන්. සෞදිය ආරාබියාවෙ ප්‍රධානියා. පුද්ගලිකවම ටෙලිෆෝන් එකෙන් කතා කරලා නෂීඩ් කිව්වයි කිව්වා  ලංකාවට පොඩි උදව්වක් උපකාරයක් කරන්න පුලුවන් ද කියලා නෂීඩ් එම්.බී.එස් ගෙන් අහැවම එම්.බී.එස් කියලා තියන්නෙ අඩු ගානෙ ප්ලෑන් එකක් ඒ මිනිස්සුන්ට තියනව ද  කියලා. මට කතා කරන්න එපා කියලා කියලා තියනවා.“

හර්ෂ ද සිල්වා කීවේ  එක්සත් අරාබි එමීර් රාජයේ ප්‍රධානියාටත් ඒ  ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් තමන් කියන්නේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා තමාට කී කතාව බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.

එහෙත් මේ වනවිට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තමන් හර්ෂ ද සිල්වාට එවැනි කතාවක් නොකී බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.  ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් නුදුරේදීම එම සහායන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හර්ෂ ද සිල්වා කළ ප්‍රකාශය පහත දැක්වේ.

Exit mobile version