තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මුග්ධයන් පාලනය නොකළ පොලිස්පති හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් කළ විනාසය ගැන පාර්ලිමේ්න්තවේ හෙළි වුන හැටි!

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා පහර දුන් පිරිස නවතාලීමට පොලීසිය කටයුතු කළේ “තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා.” යැයි ජනාධිපතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිට ලබා දුන් ඇමතුමකින් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

වෛද්‍ය රමේෂ් පතිරණ  මෙසේද  කීවේය.

ධුරයෙන් ඉවත්වෙන අග්‍රාමාත්‍යවරයාට සුබ පතන්න අපිත්  පිරිස් අරන් ගියා. මේ එකතුවීමේ  පරම අභිලාෂය වුනේ ගෞරවාන්විත විදිහට හිටපු අග්‍රාමාත්‍යවරයාට  සමු දෙන්න. මේ රැස්වීමේ අපිත් හිටියා.

මේ රැස්වීම අවසානයේ දි  මුග්ධ දේශපාලකයින් කීප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට  අනියම් බලපෑමක් කළා. එය අපි පිලිගැනීමට අවශ්‍යයයි. ඒ  බලපෑමට නතු වෙලා ඒ  ආපු පිරිසෙන් සියයට 10ක් අඩු පිරිසක් ගෝඨා ගමට දෙන්න ඕන කියන මානසිකත්වයෙන්  ගාලු පාරෙ ගමන් කළා. ඒ සිදුවීම ඉතාම අවාසනාවන්ත සිදුවීමක්.


මේ අගලය මාසයක් මෙතෙන තිබුණා.  කිසිම දෙයක් කරන්න ජනාධිපවරයාටවත් ආණ්ඩුවටවත් ඕන කමක් තිබුණෙ නැ.   ඒක අපේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය.

නමුත් ඒ අවසානාවන්ත සිදුවීමෙන් පස්සේ පිරිසක් ගියා.  මම ඒ වෙලාවෙ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහත්මයට කිව්වා අරලියගහමන්දිරයෙ ඉඳලා මෙතන අවාසනාවන්ත සිදුවීමක් වෙන්න යනවා. කරණාකරලා ඒක නවත්වන්න කියලා.  ඩීඅයිජී තෙන්නකෝන්  මහත්මයා මට කිව්වා කිසිම ගැටලුවක් නෑ සර්. රෝඩ් බ්ලොක් දාලා තියෙන්නෙ. අපි මේක නවත්වනවා කියලා

ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා. ඒ රැස්වීමට ගිහින් ඉන්නකොට මට කතා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. මට කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා. වහාම ජනාධිපතිතුමාට කියන්න. කියලා මේක නවත්වන්න කියලා.

මම එතකොට හිටියෙ ජනාධපතිතුමා එක්ක සාකච්ඡාව හිටියෙ. මම කිව්වා විශාල ප්‍රශ්නයක් සර්. ලොකු අර්බුදයක් වෙන්න යනවා. වහාම මැදිහත්වෙලා නවත්වන්න කියලා.

එතකොට ජනාධිපතිතුමා අපි ඇමතිවරු කීප දෙනෙක් ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගත්තා. අරන් කිව්වා මම කිව්වා නේද උදේ මේක නවත්වන්න කියලා. මොකක්ද මේ  සිද්ධවෙන්නෙ කියලා ඇහුවට පස්සෙ ඩීඅයිජී තෙන්නකෝන් මහත්තයා කිව්වා සර් මට පොලිස්පතිතුමා කිව්වා 12.40ට  කිව්වා කියලා මේකට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා.  නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා….  මේක නවත්වන්න එපා කියලා පොලිස්පති තුමා කිව්ව වග නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා.

ජනාධිපතිතුමා කිව්වා තමුසේට මම කිව්වෙ… රටේ ජනාධිපති. වහාම  මේක නවත්වනවා කියලා. එහෙම කිව්වට පස්සෙ තමයි කඳුලු ගෑස් ගහලා මේ ගමන නතර කළේ.  එයින් තමයි මේ කටයුත්ත මේ මට්ටම්‍ට බේරුණේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුරකුමාර දිසානායක මහත්මයා කී කතාව ඇත්ත. මේ ප්‍රහාරයට ගිය මුග්ධ පිරිස නවත්වන්න එපා කියලා නියෝග කළේ පොලිස්පති තුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයෙ ලේකම් තුමා  කියන කාරණය  තමයි සත්‍ය කාරණය.

Exit mobile version