තමා වෙනුවෙන් මිය ගිය පොලිස් සැරයන්ගේ 5වන වාර්ෂික පින්කමටත් විනිසුරු ඉලන්චේලියන් මුල් වෙයි!

දිනසේන රතුගමගේ –

වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන්  යාපනයේ සේවය කරමින් සිටියදී ඔහුව ඝාතනය කිරීමට පැමිණි පිස්තෝලකරුවාගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය   පොලිස් සැරයන්වරයාගේ වසර පහේ දානමය පින්කම ඉලන්චෙලියන්  විනිසුරුවරයාගේ  ප්‍රධානත්වයෙන්  22 දා  හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී සිදු කොට තිබේ.

විනිසුරුවරයා යාපනයේ සේවය කරමින් සිටියදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතා මිය ගිය දිනයේ සිට ඔහුගේ පවුලේ වගකීම් සියල්ල ඉලන්චෙලියන් විනිසුරුවරයා විසින් බාර ගෙන කටයුතු කරනු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැරයන් හේමචන්ද්‍රගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු  සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම  සොයා බලන මෙම විනිසුරුවරයා හේමචන්ද්‍ර සැරයන්වරයා මියගොස් තෙමස් පූර්ණ දානය ලබාදෙන විට ඔහුගේ  පවුලට නව නිවසක් ඉදිකොට දීමටද පියවර ගෙන තිබුණි

Exit mobile version