තමන් පත් කළ කමිටු වාර්තාව තමන්ම ප්‍රතික්ෂේප කිරීම විහිළුවක්…

සංචාරක ඇමති ප්‍රසන්න හිටපු ජනාධිපතිවරයාට කියයි...

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත්, ඔහු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස එම කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හාස්‍යයට කරුණක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍යයට පැවසීය.

ඔහු පවසන්නේ මේ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රහාරයට වගකිවයුත්තේ කවරෙක් දැයි එහි සඳහන් නොවන බව ද මේ ආණ්ඩුව ඒ සම්බන්ධව අධ්‍යයනයක් කරන බවද ඇමතිවරයා කීවේය. තමන් ද සහභාගී වී සිටින කමිටුව ඒ සදහා ජනාධිපතිවරයාට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පැවසීය.


Exit mobile version