තමන්ට වඩා අඩක් වයසින් බාල කාන්තාවන් පරදා මීටර් 100 ධාවන තරගය ජයග්‍රහණය කළ අවුරුදු 80ක  මිත්තණිය!

දිනසේන රතුගමගේ –

යාපනය වික්ටෝරියා විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ආදි ශිෂ්‍යාවන් සඳහා වූ මීටර් සීය දුර දිවීමේ තරගයෙන් වයස අවුරුදු 80 ක කාන්තාවක් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.

ඇය සමග වයස අවුරුදු හතළිස් පහට අඩු ක්‍රීඩිකාවන් 6 ක් ද පනස් පහට අඩු ක්‍රීඩිකාවන් හතර දෙනෙකුද මෙම ධාවන තරගයට සහභාගී වූවත් අවසාන මොහොතේදී වයෝවෘද්ධ කාන්තාව සිය උපරිම ජවය විදහා දක්වමින් පලමු ස්ථානයට පත්ව ඇත.

එස්.මුත්තනී පුනිතාවතී නැමති ඇය යාපනය වික්ටෝරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර රජයේ ලිපිකාරිණියක ලෙස සෙවය කොට විශ්‍රාම ලැබූ අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ධාවන තරගය සඳහා ත්‍යාග පිරිනැමූ අවස්ථාවේදී සැලසුම් කොට තිබූ ත්‍යාගයට අමතරව තවත් ත්‍යාග කීපයක් විදුහලේ සංවිධායක මණ්ඩලය විසින් පිරිනමන ලද අතර තරගය නැරඹීම සඳහා පැමිණි අයගෙන් තවත් මුදල් ත්‍යාග රැසක් ඇයට හිමි වී තිබේ.


 

Exit mobile version