තත්වය අවදානම්… කරුණාකර වගකීම් සහගත වන්න…

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවගෙන් ඉල්ලයි...

ශ්‍රියානි විජේසිංහ –                                                           

කඳවුරු තුළ පාලනය කරමින් පැවති සීමා බිඳගෙන පොදු සමාජයෙන් නැවත වරක්  කොවිඩ් ආසාදිතයන් හමුවෙමින් පවතින අවස්ථාවක හඳුනා නොගත් රෝගීන් සමාජයේ සිටිය හැකි බැවින් ද සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්  නිසි ආකාරව පිළිපදින ලෙස ජනතාවගෙන්   අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ යැයි  ලංකාසරට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

සෞඛ්‍ය උපදෙස් ජනතාව අමතක කර දමන්නේ නම් කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වැලැක්විය නොහැකි යැයිද හෙතෙම පෙන්වා දෙයි

මීටරයේ දුර තබාගෙන කටයුතු කිරිම , මුව ආවරණ පැළදීම  සබන් ගා අත්සේදීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිලිපැදීමට ජනතාව කටයුතු කළ යුතු අවස්ථාව එළඹ ඇතැයි ද එසේ නොවුනහොත් එහි වන්දිය  සමස්ථ සමාජයටම ගෙවීමට සිදු වනු ඇතැයි ද  ඔහු අවධාරණය කරයි. 


මේ වනවිට මාරවිල, රාජාංගනය, වැලිකන්ද, ලංකාපුර, හබරාදූව, මහනුවර, කුණ්ඩසාලේ, මන්නාරම, යාපනය හා වවුනියාව  ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් හා සම්බන්ධ වුණු පවුල් ගණනාවක් නිරෝධායනයට ලක් කර තිබේ. ඊයේ හබරාදූවෙන් ද අද කුණ්සාලෙන් ද කොවිඩ් ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට කුණ්ඩසාලේ හතලිහකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය කර ඇත. මන්නාරම, යාපනය, වව්නියාව ප්‍රදේශයන්හි පවුල් හතක් නිරෝධායනයට ලක් කර තිබේ.  හබරාදූවෙන් හමුවන ආසාදිත පුද්ගලයා පැමිණි හික්කඩුවේ රෙදි පිළි  වෙළෙඳසලක සේවිකාවන් 12 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ 50කට වැඩි පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට යොමු කර ඇත. ලංකාපු ර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 66 දෙනෙක් නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. සබර ගමුව පළාතේ පුද්ගලයින් 60 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. 

 

 

 

 

Exit mobile version