තටු කැපූ බව කී අලුත් රාජ්‍ය ඇමතිලාගේ තටු කැපිලම නෑ… ඇමතිවරු 37ට වාහන 222ක් වෙන් වෙයි…

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුතින් පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා සැලසෙන පහසුකම් කප්පාදුවට ලක් කරමින් නව චක්‍රෙල්ඛයක් නිකුත් වුවද නව චක්‍රෙල්ඛය යටතේ පවා රාජ්‍ය අමාත්‍යවරයකු සදහා වාහන 08ක් වෙනුවට වාහන 06ක් සැපයීමට නියම කර ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ පරිහරණය සඳහා ලබා දෙන වාහන තුනටම එක වාහනයකට පෙට්‍රල් හෝ ඩීසල් ලීටර 500 බැගින් මාසිකව ලීටර 1500ක්ද දුරකථන ඇතුළු සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් 40,000ක්ද මාසිකව මූලික වශයෙන් වෙන් කර ඇත.

මේ අනුව නව තත්ත්වය යටතේ පවා පසුගියදා දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනාට රජයේ වාහන 222ක් වෙන් කිරීමට සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔවුන්ට රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳව පෙර පැවැති චක්‍රලේඛවලට අනුව වාහන 08ක හිමිකමක් තිබුණු අතර ඊයේ (09) නිකුත් කළ නව චකුලේඛයට අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුමතත වාහන සංඛ්‍යාව අඩු කොට ඇත්තේ දෙකකින් පමණි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාට සිය පරිහරණය සහ ආරක්ෂක කටයුතු සඳහා වාහන තුනක්ද පෞද්ගලික ලෙකම්වරයාට එක් වාහනයක්ද හිමි වන අතර සම්බන්ධීකරණ ලේකම්වරුන්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන නිලධාරීන් සඳහා සංචිතයෙන් පොදු වාහන දෙකක් වෙන් කිරීමට නියම කර ඇත.


නව තත්වය යටතේ ද ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් චෝදනා එල්ල කර ඇති අතර ඔවුන් ට අදාල අමාත්‍යංශ සතු වෙනත් ආයතනවල පවතනි වාහනවලින් වාහන ලබා දෙන ලෙසත් සිය කටයතු සඳහා අවශ්‍ය පහසුකම් අදාල ආයතනවලින් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසත් ජනාධිපතිවරයාට දන්වන ලෙස දේශපාලන පක්ෂ නායකයන්ගෙන්   ඉල්ලීම් කර ඇති බවද ලංකාසරට අනාවරණය විය.

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තිම අමාරු වෙලාවේ රට හදන්න පැමිණි  ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37ට වාහන 296ක්…  

Exit mobile version