ණය ගනුදෙනු කරන හැටි ලංකාවට කියාදෙන්න අමෙරිකාව අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවට සිය ණය කළමනාකරණය කිරීමට මෙන්ම වඩා තිරසාර මාවතක් සොයා දීමටත් සහාය ලබා දෙන බව අමෙරිකාව පවසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය සිය ණය බර දෙස යථාර්ථවාදීව, ප්‍රායෝගිකව බැලිය යුතු බවයි.

ඒ ඔස්සේ ඉදිරියට යන තිරසාරභාවය ගැන වඩාත් සිතා බැලිය යුතු බව ඇය කියාසිටී.


“රජයකට ණය බරක් දැරීම ගැටළුවක් නොවෙයි, ඒත් එම ණය සඳහා මුදල් ගෙවීමට හැකි විය යුතුයි. එමඟින් රජයක අනෙකුත් සියලුම වගකීම් සඳහා අරමුදල් සැපයීමේ අවශ්‍යතාව බැහැර කරන්න බෑ. එක්සත් ජනපදය තම ණය කළමනාකරණයට සහ වඩාත් තිරසාර මාවතක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රජයට සහාය වනු ඇති අතර එම සංවාද පැවැත්වීම ගැන අපි සතුටු වන්නෙමු. ”තානාපතිවරිය මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

එක්සත් ජනපදය දැනටමත් රට තුළ වැඩි ආර්ථික ස්ථාවරත්වයක් දැකීමට කැමති බවත් ඒ සඳහා සහයෝගය දැක්වීමට කැමති බවත් ඇය පෙන්වා දී තිබේ.

“අපගේ සංවර්ධන වැඩසටහන් හරහා අපි ඒ සඳහා සුළු වශයෙන් දායක වනවා. නමුත් ඒවා ගැන ලොකු සංවාදයක් පැවැත්වීම ගැන අපි සතුටුයි”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති එක්සත් ජනපදයේ බලශක්ති ක්ෂේත්‍රයේ
ප්‍රධාන සමාගම් 3ක් සිටින බව තානාපතිනි ටෙප්ලිට්ස් පැවසුවාය.

Exit mobile version