ඩොලර් හිඟය හුස්ම හිරවෙන තැනටම ඇවිත්

ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් ඇතුළු ඖෂධ වර්ග රාශියක මේ වන විට දැඩි හිඟයක් නිර්මාණය වී ඇත.

මේ තත්ත්වය මත ප්‍රමුඛතාව අනුව ඖෂධ වර්ග 30ක ලයිස්තුවක් ගෙන්විමට අදාල ඩොලර් මිලියන 8.5 ක වටිනාකමකින් යුත් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා මහ බැංකුව පෞද්ගලික බැංකු සඳහා අනුමැතිය ලබාදී ඇතත් එම ඖෂධ ලැබීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානයට ලක් වූ අතර විශේෂයෙන් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇතුළු වෛද්‍ය සැපයුම් ගණනාවක හිඟයක් මතුව තිබේ.


මේ සතියෙදි ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් කරන ලද ඉල්ලීම් මත මහ බැංකුව විසින් වාණිජ බැංකු සඳහා එම ආනයන ණයවර ලිපි වලට අදාලව ඩොලර් මිලියන පහක මුදලක් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව සියලුම ඖෂධ සහ වෛද්‍ය උපකරණ වලට අදාලව ඩොලර් මිලියන 8.5ක මුදලක් පසුගිය දින කිහිපය තුළ ලබාදීමට කටයුතු කර තිබුණි.

එහෙත් එම ඖෂධ තොග මෙරට එන විට තව සති තුනක් පමණ ගත වීමට නියමිතය.

මේ වන විටත් රජයේ රෝහල් ගණනාවක ඉල්ලුමට සාපේක්ෂව ඖෂධ සැපයුමට වඩා අඩුවෙන් නිකුත් කරන බවට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෞද්ගලික ඖෂධ වෙළඳසැල් වලද ඇතැම් ඖෂධ හිඟයක් මේ වන විට පවතී.

Exit mobile version