ඩොලර් බිලියන 4.5ක් සෙවීමට රාජ්‍ය ආයතන 14ක් විකිණීමට යයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමට සමගාමී ව සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ මෙරට ලාබ ලබන සහ නොලබන රාජ්‍ය ව්‍යාපාර 14ක් විකිණීමට අදාළ කටයුතු මේ වනවිට සැකසෙමින් පවතින බව රජයේ අරංචි මාර්ග පවසයි.

මෙම රාජ්‍ය ආයතන විකිණීම හරහා ඩොලර් බිලියන 4.5ක් උපයා ගැනීමට හැකි බවට මේ වනවිට රජය මූල්‍ය අරමුදල වෙතද දන්වා අති අතර ඒ අනුව ඊට අදළ කටයුතු සිදුවෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග සදහන් කරයි.

පෞද්ගලික අංශයට සහා පවරා දීමට නියමිත ආයතන 14ක ලයිස්තුවක් මේ වනවිට සකසා ඇති අතර මෙම ආයතන අතර ශ්‍රි ලංකා ටෙලිකොම්,  ලිට්රෝ ගෑස්, ශ්‍රි ලංකන් කේටරින්, එයාර් පෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, හිල්ටන් හෝටලය ඇතුලු ලාබ ලබන ආයතන ගණනාවක් පවතින අතර එවායේ කොටස් විකිණීම හරහා මෙම අරමුදල් රැස් කිරීමට බලාපොරොත්තු වේ.


ඊට අමතරව ශ්‍රි ලංකන් ඇතුළු පාඩු ලබන ආයතන ගණනාවක්ද විකිණුම් ලයිස්තුවේ පවතින අතර ඒ සඳහා ද ආයෝජකයන් කැඳවීමට දැනට වඩා වැඩි කාර්යක්ෂමතාවකින් සිදු  කිරීමේ ක්‍රමෝපාය සැලසුම් වෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග හෙළිදරව් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතාම විවෘත ක්‍රමවේදයක් හරහා මෙම ආයතන විකිණීමට සැලසුම් කර ඇතත් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන පොදුජන පෙරමුණ මෙම ක්‍රියා දාමය කෙරෙහි යම් විරෝධයක් දැක්වීමට ඉඩ ඇති බවද මෙම ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.

Exit mobile version