ඩොලර් නැතිකම නිසා තිබෙන ඩොලරුත් මුහුදට වැටේ!

මේ වන විට ශ්‍රී ලංකාවට තෙල් රැගෙන පැමිණි නැව් දෙකක් ඒ සඳහා ගෙවීමට ඩොලර් නැතිකමින් ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති බවත් ඉන් එක් නැවකට මේ වන විට අමරිකානු ඩොලර් 72000ක් දින හතරක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

එක් දිනකට එක් නැවක් සඳහා අමරිකානු ඩොලර් 18000ක මුදලක් ගෙවීමට සිදුව ඇති අතර මෙම නැව පසුගිය 18 වැනි දා සිට අද දක්වා මුහුදේ නවතා ඇති බැවින් එලෙස ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් තෙල් නැවක් එය වරායේ දී ගොඩබෑම කටයුතු සඳහා දින තුනක ප්‍රමාද ගාස්තු රහිත සහන කාලයක් ලැබුණද වරායට ඇතුළු කර නොගෙන මුහුදේ රඳවා ඇති අවස්ථාවලදී මෙලෙස ඩොලර් 18000ක මුදලක් ගෙවීමට සිදුවේ.


ඉහත කී නැව් දෙකෙන් එකක් ඊයේ දිනයේ පැමිණි අතර එම නැවද දින තුනක් ඉක්මවා මෙරට රැදුණහොත් ඉහත ආකාරයට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව සඳහන් වේ.

මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම නැව් වල ඇති තෙල් මෙරටට ලබා ගැනීම සඳහා ඩොලර් ඉල්ලා ඇති අතර එම ඩොලර් පිළිබඳ තවම ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෙත නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව සඳහන් වේ.

මේ අතර පසුගියදා මෙම ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරටට තෙල් ගෙන්වීමට අදාල සංවිධාන කටයුතු කරන්නේ නම් ඔවුන් ඒ සඳහා ඩොලර් සපයා ගැනීම පිළිබඳව ද කල් ඇතුව සැලසුම් කර කරගෙන සංවිධාන කර ගත යුතු බවයි.

කෙසේ වුවද මෙම කටයුතු සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙමින් අදාළ අදාල ඩොලර් ගෙවිය හැකි බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබුණද මෙතෙක් එම ඩොලර් ලැබී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500ක ඉන්ධන නිෂ්පාදන ලබා ගැනීමේ ණය සහන වැඩසටහනට අදාල ගිවිසුම් සැකසෙමින් පවතින අතර ඒවා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත ය.

කෙසේ වුවද පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ එම කටයුතු සම්පූර්ණ කර ගැනීමට තවත් මාසයක පමණ කාලයක් ගත වන අතර එම ගිවිසුම ක්‍රියාත්මක වුවද කාලය තෙක් ඉන්ධන සපයා ගැනීමෙන් විවිධ දුෂ්කරතා පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඉන්දියානු ණය සහනය ක්‍රියාත්මක වන විට ණය අදාල ණය ප්‍රමාණය වන ඩොලර් මිලියන 500 ක මුදල පියවුවහොත් යළිත් එම ණය වැඩසටහන සක්‍රීය කරගත හැකි අතර ඒ ඔස්සේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා ස්ථාවර සැලසුමක් සකස් වනු ඇති බව සඳහන් කළේය.

Exit mobile version