ඇසෝසියේටඩ් ප්‍රෙස් ඇමෙරිකානු මාධ්‍ය ආයතනයේ මුල් පුටුව ශ්‍රි ලාංකික සම්භවයක් ඇති ඩේසිට

ඇසෝසියේටඩ් ප්‍රෙස් ජාත්‍යන්තර පුවත් ඒජන්සියේ නව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩේසි වීරසිංහම් නම් කර තිබේ.

මෙම පත්වීම ඉතිහාස ගත වන අතර, මෙම මාධ්‍ය ජාලයට නායකත්වය දුන් ප්‍රථම කාන්තාව, ප්‍රථම ජාත්‍යන්තර පුරවැසියා මෙන්ම සුදු ජාතිකයකු නොවන පළමු පුද්ගලයා වීරසිංහම් වනු ඇත.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ වසර 17 ක් සේවය කරන ඇය 51 හැවිරිදි ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ඇය එම පුවත් ඒජන්සියේ ප්‍රධානි සහ ප්‍රධාන විධායක නිලධාරි ගැරී ප්‍රෘට් විශ්‍රාම ගැනීමෙන් පසුව 2022 ජනවාරි 1 දා සිට එහි මුල් පුටුවේ අසුන් ගැනීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපක්ෂපාතී, සත්‍ය ප්‍රවෘත්ති ප්‍රභවයක් ලෙස ඒපී හි ඇති වැදගත්කම අධිතක්සේරු කළ යුතු නැති වුවද අපේ පුවත් සෑම දිනකම ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා ළඟා වන බව කිව යුතුය. ”යනුවෙන් වීරසිංහම් ලිඛිත ප්‍රකාශයක් කළේය. “මා ඉතාමත් ගෞරවයෙන් සලකන මෙම ප්‍රවෘත්ති සංවිධානයේ නායකත්වය ගැනීම සහ අපගේ මෙහෙවරට සහයෝගය දැක්වීම සඳහා සෑම දිනකම විශාල වැඩකොටසක් කරන සගයන් සමඟ වැඩ කිරීම ගැන මම මහත් සේ සතුටු වෙමි. ගැරී මේ ගමනේදී මගේ සැබෑ ශූරයෙක් වූ අතර ඔහුගේ සහයෝගය මම අවංකවම අගය කරමි. ” ඇය කීිවාය.

Exit mobile version