ඩෙල්ෆ්ට් ඝාතනය වූ 05න් 02කගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ අකුරුතුරෙයි මාවේලී  ප්‍රදේශයේදී කපා කොටා ඝාතනයට ලක් වූවන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ මළ  සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව ඊයේ ( 23 )  ඥාතීන් වෙත බාර දී තිබේ.

අනෙක් තුන් දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුවබාර දීමට තීරණය කොට තිබේ.

සිද්ධියෙන් මියගිය නාගනාති බාලසිංහම් සහ ඔහුගේ බිරිඳ බාලසිංහම් කන්මනියම්මා භූමිනීගේ මළ සිරුරු ඥාතීන් වෙත බාර දී ඇති අතර එම මළ සිරුරු දෙක යාපනයේ කොකුවිල් ප්රදේශයේ බරම්බඩි ගම්මානයේ ඥාතීන් පිරිසක් විසින් බාර ගෙන ඔවුන්ගේ නිවෙසක් වෙත රැගෙන ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද් නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් විසින් එම මරණ දෙක සියුම් ආයුධ වලින් කැපීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් හා කම්පනයෙන් මියගිය බවට තහවුරු කොට තිබේ.


මේ අතර  සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින 51 හැවිරිදි රඝූ නැමැත්තා යාපනය අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 කාලයක් රඳවා ගැනීමට  පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ ඩෙල්ෆ්ට්  පොලිසිය හා යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි .

Exit mobile version