ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් හමුවූ යපනයේ ගම්මාන 04ක් වසා දමයි..

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේදී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් හමු වූ වැල්වෙට්ටිතුරේ හා පේදුරුතුඩුව යන පළාත්වල ගම්මාන හතරක් 15 දා රාත්‍රියේ සිට වසා දැමීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.

යාපනයේ එම වසා දැමූ ගම්මාන හතරෙන් පමණක් ඩෙල්ටා වර්ගයේ ආසාධිතයින් සමග කොරෝනා රෝගීන් 43 දෙනෙකු හමු වීමත් සමගම එම පළාත වසා දැමීමට තීරණය කොට තිබේ.

කිළිනොච්චිය පළාතෙන් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් හමු වූ පළාත වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනයේ සුලිපුරම් ප්‍රදේශයේ රෝගීන් දෙදෙනෙකු එකවර මියයාමත් ඩෙල්ටා වර්ගයේ ආසාදිතයින් පිරිසක් හමු වීමත් සමගම යාපනයේ කොරෝනා මර්දන කමිටුව තව දුරටත් ශක්තිමත් කිරීමට හා ජනතාවට වර්තමානයේ හටගෙන ඇති දැඩි අවදානම් සහගත තත්ත්වය පිළිබඳව හදිසි දැනුවත් කිරීම් ආරම්භ කිරීමටත් පටන් ගත් බවයි.

Exit mobile version