ඩුබායි හි සැඟවී සිටින පාතාල අපරාධකරු ලලිත් කන්නංගර අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර රතු නිවේදනයක්!

දැනට ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්ම අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ලලිත් කන්නංගර නැමැත්තා ජාත්‍යාන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිම සඳහා රතු නිවේදනයක් නිකුත් කරගැනිමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.

ඒ වෙනුවේන් විමර්ශන අංශ අද අවිස්සාවේල්ල අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙසත් හංවැල්ල ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙසත්, ප්‍රදේශයේ කප්පම් ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රමුඛ අපරාධකරු ලෙසත් මෙම පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

Exit mobile version