ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?.

ඔහුත් සමග මේ විමර්ශනය භාරව සිටි පොලිස් නිලධාරියාටත් ස්ථාන මාරුවක් සඳහා පොලිස්පති නිර්දේශ!

dc

වැඩ බලන  නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  රුපියල් ලක්ෂ හැත්තෑ පහක දූෂණ චෝදනාව පිළිබඳ විමර්ශනය කරමින් උසාවියට කරුණු ගොනු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් සහ මෙම විමර්ශන කටයුත්ත භාරව සිටි පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරුවලින් මාරු කර යැවීමට   පොලිස්පතිවරයා ලිඛිතව නිර්දේශ කර තිබේ.

මේ වනවිට එම නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම මාරුවීම සම්බන්ධව ඉදිරි නිර්දේශ අනුමැතිය ලබාදීමට සූදානම් බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මීට මාස හයකට පමණ පෙර රොහාන් ප්‍රේමරත්න සම්බන්ධ මේ මූල්‍ය අපරාධ විමර්ශනය නිම කර ඊට අදාල ලිපි ගොනුව පොලිස්පතිවරයා වෙත යවා එම නිලධාරියා සම්බන්ධව විශේෂ විමර්ශන ඒකකය ඔස්සේ පරීක්ෂණයක් සිදුකිරීමටත් විමර්ශන අංශ නිර්දේශ කර තිබිණි.

ඒ සම්බන්ධව කිසිම ඉදිරි පියවරක් නොගන්නා නිසා සී.අයි.ඩීයේ  මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධව පසුගිය 05 වැනිදා උසාවියට කරුණු වාර්තා කර තිබේ.


එම කරුණු වාර්තා කිරීමත් සමග පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම විමර්ශන කටයුතුවලට දැඩි බලපෑම් සිදුකරමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

රොහාන් ප්‍රේමරත්න අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරීමට ගත් උත්සාහය වැලැක්වූ හිටපු මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්ටත් දැඩි දේශපාලන බලපෑම් එල්ලවූ බව ද එම ආරංචි මාර්ග කීවේය.

එමෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ උපන් දින ත්‍යාගය ලෙස වැගන් ආර් රථයක් ප්‍රධානය කිරීම සම්බන්ධව   විශේෂ විමර්ශනයක්  ද  තනතුරින් පහ කිරීමට  සැරසෙන   මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් යටතේ   සිදුවෙමින් ඇත.

එදා ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බව ද වාර්තා වේ.

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

Exit mobile version