ඩයනා සහ සැමියා පක්ෂය සජිත්ලාටම දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සහ ඇගේ සැමියා වන කැප්ටන් සේනක සිල්වා පක්ෂයේ සියලු තනතුරවලින් ඉල්ලා අස්වී ඇත.

අපේ ජාතික පෙරමුණේ උප සභාපතිවරයා ලෙස තම සැමියාත් උප ලේකම් ලෙස තමා ක්‍රියා කළ බව පවසන ඩයනා ගමගේ මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මීට සතියකට පමණ ඉහත දී සමගි ජන ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදුන් බව අනාවරණය කළාය.

අපේ ජාතික පෙරමුණ පක්ෂය එක්ව සමගි ජන බලවේගය නිර්මාණය කළ බවත් අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මුල් අයිතිකරු මංගල සමරවීර මහතා බවත් ඔහුගෙන් පක්ෂය ලබාගැනීමෙන් පසු තම සැමියා සභාපතිවරයා ලෙසත් එතෙක් එහි මහ ලේකම් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා ඉවත් කොට එහි මහ ලේකම්වරිය ලෙස තමාත් කටයුතු කළ බව ඇය පැවසුවාය.


සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත තම සැමියා සභාපති ධුරයෙන් ඉවත්ව පක්ෂයේ සභාපති ලෙස හරි ප්‍රේමදාස මහතාත් තමා මහලේකම් ධුරයෙන් ඉවත්ව ඒ සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාටත් ලබා දී මීට සතියක් පමණ වන තෙක් සැමියා සහ තමන් උප සභාපති සහ උප ලේකම් ලෙස කටයුතු කළ බවත් ඇය සඳහන් කළාය.

මංගල සමරවීර මහතාගෙන් පක්ෂය ගැනීමේදී හෝ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය ලබා දීමේදී සතයක වත් මුදල් ගනුදෙනුවක් හෝ වෙනත් වරප්‍රසාද කිසිවක් ලබා ගැනීමක් සිදු නොකළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පක්ෂයේ නිලතලවලින් ඉවත් වූවත් තමා හා තම සැමියාත් පක්ෂ සාමාජිකයන් ලෙස තවමත් කටයුතු කරන බව ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version