ඩයනා ගමගේට සමගි ජන බලවේගයෙන් විනය පරීක්ෂණයක්…

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) තීරණය කළේය.

සජිත් ප්‍රේමදාස ගේ මූලිකත්වයෙන් පැවති සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඒකමතිකව තීන්දු කළේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට බැවින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කර ඇත්තේ ඒ සාමුහික එකඟතාවය කඩ කිරීම නිසා මෙම විනය පරීක්ෂණය පැවැත්වීමට තීරණය කර ඇත.

විනය පරීක්ෂණයෙන් පසු ඇය සම්බන්ධ අවසන් තීන්දුව ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ඇතැයි සමගි ජනබලවේග ආරංචි මාර්ග පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඩයනා ගමගේ ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version