ටෝකියෝ යන්න ටිකට් දුන්න කෙනා ගැන නාමල් පාර්ලිමේන්තුවේ දී කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා තමන්ටත් ගුවන් ටිකට් පත් ලබා දුන්නේ රොෂාන් රණසිංහ ඇමතිවරයා බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පැවසුවේය.

ජපානය සමග විසි පස් වසරක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරන රොෂාන් රණසිංහට ජපන් ය යෑම සඳහා ගුවන් ටිකට් පත් ගැනීමට අනුග්‍රාහකයින් අවශ්‍ය නොවන බවත් ඔහුගේ ගුවන් ටිකට් පත සඳහා මුදල් වියදම් කරනු ලැබුවේත් ඔහු විසින් බවත් ඇමතිවරයා කීවේය.

තමන් සිටියේ ටෝකියෝ ජෛව බුබුළ තුළ බැවින් ඉන් මිදී පිටතට යෑමට ලැබුණේ ජපානයේ විදෙස් ඇමති, ක්‍රීඩා ඇමති සහ අධ්‍යාපන ඇමතිවරයා මුණ ගැසීමට පමණක් බව කී අමාත්‍යවයා තමන් අනෙක් ඇමතිවරුන් කළේ කුමක් දැයි නොදන්නා බවත් ඒ ඇමතිවරුන් ජපානයට ගියේ ඔවුන්ගේඑක් එක් කටයුතුවලට මිස තමා සමග නොවන බවත් පැවසුවේ.

“ අපි හම්බවුනා නම් ඒ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ දී යි. “ ඇමතිවරයා කීවේය.
මේ අමාත්‍යවරුන් පුද්ගලික අනුග්‍රාහක ආයතනවල මුදල් ලබාගෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසිනි.

Exit mobile version