ටී.එන්.ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හදිසියේ අභාවප්‍රාප්ත වෙයි…

දිනසේන රතුගමගේ –

ද්‍රවිඩ එක්සත් විමුක්ති  පෙරමුණේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.බාලචන්ද්‍රන් අද (22)  වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

1994 වසරේ සිට 2000 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවූ බාලචන්ද්‍රන්   ඊට පෙර වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන්ද සමාජ සේවකයෙකු වශයෙන්ද කටයුතු කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1951 දී උපත ලද ඔහු මියයන විට වයස අවුරුදු 69 ක් වූ අතර ඔහුගේ ආදාහන කටයුතු 24 වෙනි සෙනසුරාදා වවුනියාවේදී සිදු කිරීමට නියමිතය.


Exit mobile version