ටී.එන්.ඒ රැස්වීමකට බෝතල් ප්‍රහාරයක්… රැස් වූ පිරිස හිස් ලූ ලූ අත දුවති….

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබූ මහජන රැළියකට ඊයේ ( 24 ) රාත්‍රී බෝතල්   ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරණ එමානුවල් ආනෝල්ඩ්   විසින් යාපනයේ සුළිපුරම්  කල්වියන් ගම්මානයේ සංවිධානය කල රැස්වීමක ඔහු මහජනතාව අමතමින් සිටියදී එක්වරම  කිසියම් පිරිසක් විසින් මෙම බෝතල් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් තිබේ.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැතත් රැස්වීමට පැමිණ සිටි ජනතාව බියට පත්ව පලාගොස් තිබේ.


පසුව එමානුවෙල් ආනෝල්ඩ් ද    ආරාක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.  

Exit mobile version