ටී.එන්.ඒ දේශපාලකයන් අතීතයේ සිටියේ මා සමග… ඔවුන්ට වැඩ බෑ…..

කිසිම ආණ්ඩුවකට උදව් කරන්න බලාපොරොත්තුවක් මට නෑ..... කරුණා අම්මාන් වව්නියාවේ දී කියයි...

දිනසේන රතුගමගේ –

යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවට මෙතෙක් බලයට පත් වූ කිසිම රජයක් උදව් උපකාර නොකිරීම නිසාත් දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රැවටූ නිසාත් තමන් වෙනම දේශලාපන පක්ෂයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දෙමළ මහජන නිදහස් පක්ෂයේ‘ (Tamil Makkal Viduthalai Pulikal – TMVP)   නායක විනයාගමූර්තී මුරලීදරන් හෙවත් කරුණා අම්මාන් 18 දා වවුනියාවේදී පැවසීය.

එම පක්ෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට තරග කරණ අපේක්ෂකයින්ට සහය පිණිස  වවුනියාව තානායම් ශාලාවේ පැවති රැස්වීමකදී කරුණා අම්මාන් මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කරුණා අම්මාන් කියා සිටියේ තමන් හෝ තමන්ගේ පක්ෂය මීළඟට බලයට පත්වන රජයකට සහය දෙන්නේද නොදෙන්නේද යන්න පිළිබඳව කිසිම තීරණයක් ගෙන නොමැති බවයි.


සිංහල ජනතාව පිළිබඳව කතා කිරීමට සිංහල දේශපාලනඥයින් සිටිනවා සේම මුස්ලිම් ජන්තාව වෙනුවෙන් කතා කිරීමට මුස්ලිම් දේශපාලනඥයින් සිටියත් දෙමළ ජනතාව පිළිබදව කතා කිරීමට නියම දෙමළ දේශපාලනඥයෙකු නොමැති බවද කරුණා අම්මාන් මෙහිදී සඳහන් කළේය.

මේ තත්ත්වය මත තමන් එම වගකීම බාර ගැනීමට සූදානම් නිසා රටේ විශාල දේශපාලන පක්ෂ වලට හෝ බලයට පත්වන රජයන්ට සහය දැක්වීමේ අර්ථයක් නොමැති බව මේ වන විට තමන්ට වැටහී ගොස් ඇතැයිද ඔහු සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කවදාකවත් හැකියාවක් නොමැති බව තමන් අත්දැකීමෙන් දන්නා බව කී කරුණා අම්මාන් ඒ සියලුම දේශපාලනඥයින් අතීතයේදී සිටියේ තමන් සමග බවද කියා සිටියේය

 

Exit mobile version