ටී.එන්.ඒ ඇතුළු පක්ෂ තුනක් ජාතික ආණ්ඩුවක් සඳහා ජනපති සමග සාකච්ඡා කරති…

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය, අතුරලියේ රතන හිමි  ඇතුළු විජයධරණී ජාතික සභාව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා ආරම්භ කළේය.

දෙමළ ජාතික සන්ධානය  අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ   හමු වී සාකච්ඡා කළේය.

එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, එස්. රාසමානික්කම්  ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටී අතර සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් ඔවුහු දීර්ඝ ලෙස ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

මේ වන විට ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිතුමා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.


කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු වී සාකච්ඡා කළහ.

අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ ආරම්භ කෙරණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡා වටයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ද සාකච්ඡාවන්ට එක්ව  සිටියේය.

Exit mobile version