ටී.එන්.ඒ. ආධාරකරුවන් පිරිසකගෙන් පහර කෑ කාන්තාවකට බරපතලයි

දිනසේන රතුගමගේ:

කිළිනොච්චිය උරුතිරපුරම් ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් කාන්තාවකට පහර දීම නිසා එම කාන්තාව බරපතල ලෙස තුවාල ලබා 21 දා රාත්‍රී කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

මැතිවරණයේදී කාන්තාව වෙනත් දේශපාලන පක්ෂයක පිරිසකට ආධාර කිරීම නිසා ඒ සම්බන්ධයෙන් වූ බහින්බස් වීමකදී මේ පහරදීම සිදුව තිබේ.


මේ පිළිබදව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරු ඇතුලුව තුන් දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරුවන් කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version