ටි.එන්.ඒ මන්ත්‍රීගේ වාහනය හරස් කර වටකොට පහර දීලා…

වන්නි දිස්ත්‍රික් ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.නොහරධලිංගම්

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. නොහරධලිංගම්  ගමන් කළ වාහනයට ප්‍රහාරයක් එල්ල කළ තරුණයින් තුන් දෙනෙකු  පූවරසන්කුලම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන 14 දා වවුනියාව පොලීසිය වෙත බාර දී තිබේ.

මන්ත්‍රීවරයා මන්නාරමේ සිට වවුනියාව බලා පැමිණෙමින් සිටියදී වවුනියාවේ කට්පහපුරම් 4 කණුව ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් මන්ත්‍රීවරයාගේ වාහනය හරස් කොට ගල් හා මුගුරු වලින් පහර දී තිබේ.

මේ අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමත් සමගම තරුණයින් පලා ගොස් ඇති අතර මේ පිළිබඳව පූවරසන්කුලම පොලීසියට සිද්ධිය වාර්තා වීමත් සමගම තරුණයින්ගෙන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.


මන්ත්‍රීවරයාගේ වාහනයට  පහර දීම නිසා මන්ත්‍රීවරයා ගමන් කළ වාහනයට අලාභහානි සිදුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් තරුණයින්ව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version