ට්‍රම්ප් ප්ලාසා පුපුරුවා සමතලා කරයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත්ව තිබූ ට්‍රම්ප් ප්ලාසා හෝටලය සහ කැසිනෝ මහල් ගොඩනැගිල්ල ඩයිනමයිට් කූරු 30000ක් පුපුරුවා මුළුමනින්ම බිමට සමතලා කර තිබේ.

මෙය 1984 දී නිව්ජර්සි හි අත්ලාන්තික් නගරයේ ඉදිවූ අතර එවකට එම නගරය පුරා රැව්දුන් ප්‍රමුඛතම සන්නාමය බවට පත්ව තිබුණේ ද ට්‍රම්ප් ප්ලාසා ය. අත්ලාන්තික් නගරය තුළ ට්‍රම්ප්ගේ කැසිනෝ 3ක් පිහිටා තිබුණි.

1980 දශකයේ ට්‍රම්ප් ප්ලාසා හෝටලය සහ කැසිනෝ ශාලාව බොහෝ විට ජනප්‍රිය පුද්ගලයින් බහුලව ගැවසෙන තෝතැන්නත් වූ අතර මයික් ටයිසන්, මැඩෝනා, හල්ක් හෝගන්, මික් ජැගර් සහ කීත් රිචර්ඩ්ස් ඇතුළු පුද්ගලයින් නිතර නිතර එහි ගිය බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් වාර්තා කරයි.


මෙම කැසිනෝ ශාලාව ඩොලර් මිලියන 210 ක වියදමින් ඉදිකරන ලදී. එය බංකොලොත් වීම නිසා 2014 සිට වසා දැමූ නමුත් එය 2013 දී ඩොලර් මිලියන 20 කට එනම් සාපේක්ෂව සුළු මුදලකට විකුණා ඇත.

එය විකිණීමත් සමඟ ට්‍රම්ප් එන්ටර්ටේන්මන්ට් නම් ට්‍රම්ප්ගේ සූදු සහ හෝටල් ව්‍යාපාරය සතුව ඉතිරිව තිබුණේ එක් කැසිනෝ ශාලාවක් වන ‘ට්‍රම්ප් ටජ් මහල්’ පමණි. එය ද බංකොලොත් වීම නිසා 2017 දී ෆ්ලොරිඩාවේ සෙමිනොයිල් ගෝත්‍ර සමූහයට විකුණන ලද අතර ඉන්පසුව එය හාඩ් රොක් නමින් හෝටලය සහ කැසිනෝහල පවත්වාගෙන යන ලදී.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version