ඥානසාර හිමි අවුරුදු 04ක් බරපතල වැඩ ඇතිව හිරේ!

Galagoda Aththe Gnanasara

ආගමික සංහිඳියාව විනාශ කර දමන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට   වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ   විසින් නියම කළේය.

ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

පසුගිය 2016 වසරේ මාර්තු මස (30) වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය ගැන සිදු කරන ලද ප්‍රකාශයකින් ජාතික හා ආගමික සංවිහිඳියාවට හානියක් වන ප්‍රකාශයක් කළේ යැයි කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබිනි.

නඩුවේ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් වර්ෂ 2020 ඔක්තොම්බර් මස  21 දා ඥානසාර හිමියන් වෙත  බාර දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  නඩුවේ අවසන් නඩුවාරය කැඳවූ පෙබරවාරි 16 දා තමන් කල  එම ප්‍රකාශ වලින් මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදින බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පූජ්‍ය ගල්ගොඩ අත්තේ ඥානසාර හිමි   කියා සිටියේය.

 

Exit mobile version