ජොන්ස්ටන්, ඩලස්, ඩග්ලස් එක් වූ යාපනේ සංවර්ධන කමිටු රැස්වීම තිබුණෙ කොවිඩ් අවදානමක දැයි සැක…

යාපනයේ සියලුම මන්ත්‍රීවරුන් රැස්වීමට එක් වෙලා....

දිනසේන රතුගමගේ –

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අමාත්‍යවරු  තුන් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන්  6 දා පැවති සංවර්ධන කමිටු රැස්වීමට සහභාගීවූ  නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාධිත වී ඇති බවට ආරංචියක් පැතිර යන නමුත් එය මෙතෙක් තහවුරු වී නොමැති බව  යාපනයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබේ.

මෙම කමිටු රැස්වීමට සහභාගී වූ යාපනය කෝපායී ප්‍රාදේශීය ලේකම්වරයා සහ කෝපායී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යන දෙදෙනාම මේ වන විට නිරෝධායනය කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම රැස්වීම අවසන් වීමෙන් පසුව සවස් කාලයේදී එම නිලධාරීන් දෙදෙනා අසනීප වී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් ඔවුන් දෙදෙනාව පීසීආර් පරික්ෂණයකට ලක් කොට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.


ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කොට තිබුණේ තමන් සෙම හා සෙම්ප්‍රතිශ්‍යාව රෝගයෙන් පෙළුණු බවත් අධික වේලාවක් වායුසමීකරණය කළ ස්ථානයක සිටි නිසා එම රෝගී තත්ත්වය වැඩි වූ බවත්ය.

මේ කමිටු රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩලස් අලහප්පෙරුම හා ඩග්ලස් දේවාන්නදා යන අමාත්‍යවරු හා යාපනය කිළිනොච්චි දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරු හා සෙසු දේශපාලනඥයින්ද නිලධාරීන්ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට යාපනයේදී ප්‍රකාශ කොට තිබුණේ රැස්වීමට සහභාගී වූ කිසිවෙකු බියවීමට තරම් සිද්ධියක් සිදුව නොමැති බවයි.

Exit mobile version