ජෛව බුබුලේ නීති පද්ධතිය බිඳ දමා පළමු එක්දින තරගය නරඹන්න ප්‍රභූ පිරිසක් ඥාති බුරුත්ත සමග ඇවිත්…

India

ජෛව බුබුලක් තුළ ක්‍රීඩා කළ පළමු එක්දින තරගය නැරඹීම සදහා ජෛව බුබුල සම්බන්ධ සියලු විද්‍යාත්මක අනුමිතීන් උල්ලංඝණය කරමින් ප්‍රභූවරු පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට  ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මෙම පිරිස විශේෂ ආරාධිතයන් සඳහා වෙන් කර ඇති කුටි තුළ තරගය නැරඹූ බවත් ඔවුන්ගේ ඥාතීන්, ආරක්ෂකයන් ඇතුළුව තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට ඇතුළු වී සිටි පිරිස පන්සියය ඉක්මවා ගොස් සිටි බවත්  පැවසේ.

මෙම පිරිසට විශේෂ සත්කාර සැපයීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දරා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෛව බුබුලක් තුළ ක්‍රීඩා කරන ජාත්‍යාන්තර තරගයක දී එම නීති නොබිඳා පවත්වාගැනීමේ විනයක් රටකට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් එය ජාත්‍යාන්තර වශයෙන් රටට සිදුවන හානියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Exit mobile version