ජෙරම් ප්‍රනාන්දු පාදිලිගේ ප්‍රකාශ කතෝලික සභාව හෙළා දකී…

ග්ලෝරියස් දේවස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් බුද්ධාගමට, ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමට නිග්‍රහ කරමින් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කතෝලික සභාව හෙළා දැක තිබේ.

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා අද (16) කොළඹ අගරදගුරු නිල නිවසේ කැඳවූ මාධ්‍ය හමුවක දි ප්‍රකාශ කළේ බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බවය.

ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවත් සිරිල් ගාමිණි පියතුමා අවධාරණයෙන් ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් පියතුමා කීවේය.


Exit mobile version