ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යනු ඇත. මෙතෙක් රුපියල් 30ක්ව තිබූ අවම බස් ගාස්තුව රුපියල් 28ක් වේ.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.