ජූලි මාසයේ විදුලි බිලේ සංශෝධනයක්… එතැන් සිට සෑම වසරකටම දෙවරක් විදුලි බිල සංශෝධනයට සැලසුමක්!

පිරිවැය පරාවර්තක මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත්  2023 ජූලි මාසය වන විට ම විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරනු ලබන බවත් විදුලිබල හා  බලශක්ති ඇමති කාංචන විජේසේකර කියයි.

මෙතැන් සිටි සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී  වාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බවත්  අමාත්‍යවරයා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙ මේ බව සඳහන් කර ඇත.

රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද ඔහු   ප්‍රකාශ කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version