ජී.එම්.ඕ.ඒ  සියල්ල දත් නෙමෙයි… ඔවුන් මැදට පැන අපේ රාජකාරියත් අවුල් කරනවා…

අඛණ්ඩ වර්ජනයකට යමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි...

කොවිඩ් 19 වසංගතය පැතිරුණ මුල් කාලයේ දී සීත කාමරවලට වී මාධ්‍ය රංගනවල යෙදුණු   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිම අවබෝධයකින් තොරව දන්නා නොදන්නා සියලු දේ මැදට පනිමින්  තමන්ගේ  රාජකාරිය කරන්නට අවශ්‍ය බිඳ දමන බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ   සංගමයේ සභාපති එන්.ජී.යූ. රෝහණ ලංකාසරට පැවසීය.

සෞඛ්‍ය ඇමතිනිය හා එක්ව මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ බලතල කප්පාදු කිරීමේන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්පත් කරගන්නේ මොනවා දැයි ඔහු ප්‍රශ්න කළේය.

තමන් කිසිම විටෙක මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් සතු බලතල ඉල්ලා නැති බව ඔහු කීවේය. තමන්ට අවශ්‍ය පවතින තත්වය යටතේ රාජකාරිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික   ආවරණය පමණක්  බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.


මේ තත්වය තුළ  මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊයේ (18) රැස් වූ බවත් සෞඛ්‍ය ලේකම්වරයා හා තම සංගමය අතර වූ   සාකච්ඡාව සාර්ථක නොවූ බවත් ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සියලුම වසංගත රෝග පාලනයට අදාල සෑම කටයුත්තකින්ම බැහැරව අඛණ්ඩව  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව එම සංගමයේ සභාපතිවරයා පැවසුවේය.

Exit mobile version