ජීවිත 15ක් වනසා පස්සර අනතුර සිදුකළ රියදුරුට වලංගු රියදුරු බලපත්‍රයක් නෑ….

මෙතෙක් කල් රිය පදවා ඇත්තේ අනුන්ගේ ලයිෂන් එකකින්...  

ජීවිත 15 බිලි ගෙන තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයන් කළ පස්සර ලුණුගල බිහිසුණු අනතුර සිදුකළ බස් රථයේ රියදුරු  මෙතෙක් කල් බස් රථය ධාවනය කර ඇත්තේ වලංගු රියදුරු බලපත්‍රයක් නැතිව බව පොලිසිය විසින් හෙළි කරගෙන තිබේ.

මෙම රියදුරා මෙතෙක් බස් රථය ධාවනය කර තිබුණේ වෙනත් පුද්ගලයෙකුට අයත් රියදුරු බලපත්‍රයකින් බව පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.

එමෙන්ම මේ තැනැත්තා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධව ගංගොඩවිල උසාවියේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක් බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස් රථය පෙරළී යන අවස්ථාවේ දී ඉන් පැනගත් මේ රියදුරා සියල්ලන්ටම පෙර ත්‍රී රෝද රථයක නැගී රෝහලට පැමිණ ප්‍රතිකාර ගෙන තිබේ.

Exit mobile version