ජීවනෝපාය මාර්ගයට කලින් ජීවිතය රැක ගැනීම ගැන සිතන්න !

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ජනතාවට අවවාදයක්

foods covid

කොවිඩ් වසංගතය සැලකිය යුතු ලෙස පාලනය කිරීම වෙනුවෙන් මේ වනවිට රජය විසින් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අගයන ශ්‍රි ලංකා විශේෂඥයන්ගේ සංගමය මෙම නියමයන් දැඩි ලෙස අනුගමනය කළ යුතු බවටත් ජීවනෝපාය මාර්ගයට රැක ගැනීමට පෙර ජීවිතය රැක ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාවට අවධාරණයෙ කරයි. සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥාණසේකරම් මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කරන ලද මෙම නිවේදනයෙන් ඔවුන් දේශපාලන නායකයන්ගෙන් සහ මාධ්‍ය ආයයතනවලින් ද ඉල්ලා සිටින්නේ මේ මොහොතේ තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැර වී රටේ ජනතාව වෙනුවෙන් දේශප්‍රේමීව කටයුතු කරන ලෙසය.
එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ඉදිරියේදී සිදුවිය හැකි ව්‍යසනය අවම කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අංශයේ වෘත්තීය සංවිධාන ගණනාවක්
සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව රජයෙන් ඉල්ලා සිටියේ දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.
ඒ අනුව යමින් COVID 19 වේගයෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමා සහ රජය ගත් තීරණය අපි අගය කරන අතර එය අනුමත කරන්නෙමු.
COVID 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගත් මෙම පියවර තුළ රටේ ආර්ථිකයට සිදුවිය හැකි අහිතකර බලපෑම, අපි එහි සමාජීය බලපෑම අපි දනිම
වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. අපේ මාතෘ භූමියේ පුරවැසියන්. පුද්ගලයන් හෝ ව්‍යාපාර වශයෙන් අප මුහුණ දෙන දුෂ්කරතා කුමක් වුවත් ආයතන, ජීවනෝපායන්ට වඩා ජීවිත වැදගත් බව කිසිවෙකු අමතක නොකළ යුතුය.
රට මාරාන්තික වසංගතයකට මුහුණ දෙන විට ප්‍රධාන කරුණු දෙකක් නිසා අපේ රටේ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇත එක් අතකින් කොවිඩ් වයිරසයට ගොදුරු වීම හේතුවෙන් සෘජුවම සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වනු ඇති අතර අනෙක් අතට වෙනත් රෝග ත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන්ද මරණ සිදුවිය හැකිය.
ප්‍රධාන සෞඛ්‍ය සේවාවන් ගේ දාරිතා ඉක්මවා තිබීමත් සෞක්‍ය කාර්ය මණ්ඩල අදික ලෙස වෙහෙසට පත්වීම ද මරණවළට බලපෑ හැකි වන අතර ඊට අමතරව මේ හා සම්බන්ධ වෙනත් හේතූන් ද බලපෑ හැකිය.
රෝග පැතිරීම සාධාරණ හා පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක දැනට පවතින දැඩි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා යුතු බව අපි විශ්වාස කරමු.
මෙම ත්තත්වයන් තනි තනි පුද්ගලයන්ලෙස අපට කෙටිකාලීනව මුහුණ දීමට සිදුවිය හැකි සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද එම සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුය යන්න අපගේ මතයයි. .
සියලු දේශපාලන පක්ෂ හා මාධ්‍ය ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ වඩාත් අවශ්‍ය දේ ඉටු කරන ලෙසයි. මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී දේශප්‍රේමී කාර්යභාඑයක් ඔවුන් වෙත පැවරන අතර මෙම පණිවිඩය මහජනයා අතරට ගෙන යාම ඔවුන් ගේ අනෙකුත් න්‍යාය පත්‍ර පසෙකට දමා ඔවුන්ගේ පූර්ණ සහයෝගය බලාපෙලාරොත්තු වෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තීරණාත්මක මොහොතේදී මෙම සීමාවන් අනුගමනය කිරීමට අපගේ සාමාන්‍ය ජනතාව පෙළඹවීම සඳහා අනෙක් සියලුම වගකිවයුතු ආයතනවලට සමානව ක්‍රියා කිරීමට හා ජනතාවට අදාළ අධ්‍යාපනය ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
එවැනි සාමූහික ක්‍රියාමාර්ග නිසැකවම ධාරාව අවම කිරීම සඳහා විශාල ශක්තියක් වනු ඇති බවට සැකයක් නැත.“


Exit mobile version