ජීවනෝපාය අහිමි පවුල්වලට රුපියල් 2000ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය මාර්ග අහිමි පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල පවසයි.

ලබන සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බව ඔහු කියයි.

මේ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ව දැනුම්වත් කිරීම ද සිදුවී ඇතිබව ඔහු පවසයි.

ඉකුත් කාලයේ කොවිඩ් තත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේ දී රුපියල් 5000ක දීමනාවක් ජීවනෝපාය අහිමි වූවන් වෙත රජය මගින් ලබා දුන්නේය.

Exit mobile version