ජීවන් තොන්ඩමන්ගේ නාඩගමට පී.එච්.අයි. මහත්වරුන්ගෙන් තර්ජනයක්…

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව සිදු කිරීම සම්බන්ධ පියවරවලදී ඒ මහතාගේ පුත් ජීවන් තොන්ඩමන්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට තර්ජනය කර ඇති බවට වාර්තා වන අතර එය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩි සේ හෙළා දකී.

මිය ගිය දේශපාලකයාගේ  අවසන් කටයුතු සෞඛ්‍ය මගපෙන්වීම්වලට අනුව සිදු කිරීමේ කටයුතුවලට බාධාවන සේ තවදුරටත් යමකු කටයුතු කළහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවලින් ඉවත් වීමට වුවද සිදුවිය හැකි බව  සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාසර වෙත පැවසීය.

රට නව කොරෝනා වෛරසයෙන් බේරා ගැනීමේ මෙහෙයුමේ දැඩි කැප කිරීමක් කළ පුද්ගලයන් ට මේ අයුරින් විරෝධතා එල්ල වන අවස්ථාවලදීමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි සේ පෙනී සිටින බවද සඳහන් කළ උපුල් රෝහණ මහතා පැවසූයේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට මේ මොහොතේ තම ඡන්ද දායකයන්ගේ ජීවිත, ලෝකය පුරා පැතිරෙන මෙම වෛරස රෝගයෙන් ආරක්ෂා කිරීමේ වගකීමක් පවතින බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය දේශපාලකයකුගේ දේහයක් කර මත. තබාගෙන දේශපාලනය නොකොට මේ මොහොතේ වගකීමකින් යුතුව තමන්ගේ ඡන්ද දායකයන් ඇතුළු සමහජනතාවට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය.

Exit mobile version