ජීවත්වෙන්න විදිහක් නැතිව මන්නාරමේ  තවත් 11ක් ආරක්ෂක අංශ මග හැර ඉන්දියාවට පනී…

දිනසේන රතුගමගේ –

උතුරේ සිට බෝට්ටු වලින් ඉන්දියාවට පලා යන පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇති නමුත් එම නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසා මන්නාරමේ වැසියන් 11 දෙනෙකු ඊයේ ( 21 )  ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ගොස් තිබේ.

මන්නාරමේ සිට තමිල්නාඩුව වෙත බෝට්ටුවක ආධාරයෙන් ගිය පිරිස එම බෝට්ටුව  තමිල්නාඩුවේ මුහුදු වෙරළක අතහැර දමා තිබියදී වෙරළාරක්ෂක නිලධාරීන්ට හමු වී තිබේ.

ධීවර බෝට්ටුවක ආධාරයෙන් පලාගිය පිරිස අතර පිරිමි 4 දෙනෙකු හා කාන්තාවන් 7 දෙනෙකු සිටි අතර ඔවුන්ව තමිල්නාඩු වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සරණාගත කඳවුරු බලධාරීන් වෙත බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට උතුරු පළාත අතහැර ඉන්දියාවේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයින් 69 දෙනෙකු බෝට්ටු වල ආධාරයෙන් ඉන්දියාව වෙත ගොස් ඇත.


 

Exit mobile version