ජැටියේ ප්‍රශ්නයේදී වෘත්තීය සමිතිවලට උඩගෙඩි දුන්න ඇමතිවරුන්ට නාමල්ගෙන් දොස්

කොළඹ වරායේ නැඟෙනහිර පර්‍යන්තය පිළිබඳ ප්‍රශ්නයේ දී එම යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමත වීමටත් කලින් අනවශ්‍ය විරෝධයක් මතුකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සංගම්වල ක්‍රියාකාරිත්වය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් රැස්වීමේදී දෝෂ දර්ශනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එසේම, එහිදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම වෘත්තීය සමිති අනවශ්‍ය ලෙස ඇවිස්සීමට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙකු ද සම්බන්ධ බවට චෝදනා කර ඇති බව වාර්තා වේ.

පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ මෙම නැගෙනහිර පර්‍යන්තය සම්බන්ධ ගැටලුව වන අතර එහිදී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද මෙම යෝජනාවට විරුද්ධ වූ කැබිනට් මණ්ඩල සාමාජිකයන් දෝෂදර්ශනයට ලක්කර ඇත.


ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරඇත්තේ කැබිනට් මණ්ඩලය අනුමත කිරීමක්වත් කර නොමැති යෝජනාවක් සම්බන්ධව රට තුළ අනවශ්‍ය ආන්දෝලනයක් මතුකිරීමට හා විරෝධයක් ඇති කිරීමට වෘත්තීය සමිති ගත් ක්‍රියාමාර්ග පසුපස කැබිනට් මණ්ඩල සාමාජිකයන් ද සිටින බවත් එය කනගාටුවට කරුණක් බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේ දී රජයට සම්බන්ධ වෘත්තීය සමග සම්බන්ධයෙන් මීට වඩා වෙනස් ආකාරයෙන් ඔවුන් හැසිරවිය යුතු බවද පෙන්වා දී ඇත.

Exit mobile version