ජැක්සන් අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහල ට….

කිර්ති ප්‍රනාන්දු – 

ඊයේ (3) රාත්‍රියේ දී අනතුරට ලක් වූ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහල වෙත රැගෙන යෑමෙන් අනතුරුව විශේෂ ශල්‍යකර්මයක් සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ.

මේ වනවිට ඔහුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකට   ඇතුළත් කර ඇත. ඊයේ පැවති රූ ගතකිරීමකින් අනතුරුව ගල්ගමුවේ සිට අනුරාධපුර බලා ගමන් කරමින් සිටිය දී  තලාව  මොරගොඩ හතේ කනුව අසල දී පාර මාරුවන වන වන අලියෙකුගේ රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

රියෙහි වැදුනු වන අලියා රිය මතට ඇද වැටී තිබේ.   අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවමින් සිට ඇත්තේ ජැක්සන් ඇන්තනි විසිනි.


ඔහුගේ සොයුරු සමන් ඇන්තනි මේ වනවිටත් අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.  ඔහුගේ තත්ත්වය ද අසාධ්‍ය බව අනුරාධපුර රෝහල් පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෝටර් රථය තලාවේදී වන අලියෙකුගෙ ගැටිලා… අනතුරින් ජැක්සන් ඇන්තනිට අසාධ්‍යයයි..

Exit mobile version