බොලිවුඩ් නිලි ජැකලින්ගෙන් කෝටි ගණනක මුදල් ජාවාරමක් ගැන ප්‍රශ්න කරයි

මුදල් විශුද්ධිකරණය සම්බන්ධ විමර්ෂණයකට අදාළව බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ඊඩී) ශ්‍රි ලාංකික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ඊයේ (30) සවස වන තෙක් ප්‍රශ්න කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාවලට අනුව ඇය ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ මැතිවරණ කොමිසම සම්බන්ධ දූෂන චෝදනා ඇතුළු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් චූදිතයෙකු වන සුකේෂ් චන්ද්‍රශේකර්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බව කියන කෝටි ගණනක මුදල් ජාවාරමකට අදාළවය.

දිල්ලි අගනුවරදී ඇය මෙලෙස ප්‍රශ්න කිරීමට ලක් කොට ඇති අතර මෙම විමර්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස සම්බන්ධ වන බව විමර්ශනයට සමීප ආරංචි මාර්ග හෙළි කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද රුපියල් කෝටි ගණනක මුදල් ඉපයෙන මෙම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ දී ජැකලින් ගොදුරක් බවට පත් වීමට පවා ඉඩ ඇතැයි අනුමාන කෙරේ. මේ පිළිබඳව තහවුරු කිරීමක් සඳහා ඉන්දීය මාධ්‍ය ජැකලින් වෙත සම්බන්ධ වූ නමුත් මෙම කතාව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ජැකලින් ඇමතුම් හෝ පණිවිඩවලට පිළිතුරු දී නොතිබුණි.


Exit mobile version