ජාතික රෝහලේ රෝගීන්ගේ බත් පතට වෙච්චි දේ… මාසයක් පුරා ප්‍රෝටීන් සහිත කෑමක් නෑ….

නේවාසිකව ප්‍රතිකා ලබන රෝගීන්ගේ ආහාරවේලට ප්‍රෝටීන් බහුල  මස් මාළු බිත්තර හෝ පරිප්පු වෙනුවට හාල්මස්සන් හෝ සාලයන් ලබා දීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

කොළඹ ජාතික රෝහල තුළ  මාසයකට අධික කාලයක් පුරා  රෝගීන්ගේ ආහාර වේලට මස් මාළු  බිත්තර හෝ පරිප්පු අඩංගු නොවූ බවද සදහන් වේ. 

ආහාරවල මිල ඉහළ යාම හේතුවෙන් ආහාර සැපයුම්කරුවන් මස් මාලු බිත්තර හා පරිප්පු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රෝගීන්ගේ ආහාර වේල තුළ ප්‍රෝටීන් අඩංගු ආහාර නොමැති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝගීයෙකු තම රෝගී තත්ත්වයන් සුව වීමට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය සාධකයක් වන බවත් ඇතැම් රෝගීන්ට වෛද්‍ය නිර්දේශයන් මත ප්‍රෝටීන් අනිවාර්යෙයන්ම ලබා දිය යුතු බවත්  එම ප්‍රකාශකයා  පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව පෝෂණ වෛද්‍ය විශේෂඥයින් සමග සාකච්ඡාවෙන් අනතුරුව   ඒ පිලිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අවසාන තීරණය ඉන් අනතුරුව ලැබෙනු ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

 

Exit mobile version