ජාතික රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු පී.සී.ආර්. යන්ත්‍රයක් ප්‍රතික්ෂේප කරලා…

ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරිය...

නතාෂා නෙත්මිණි –

පරිත්‍යාගශීලියෙකු ලබා දුන් පී.සී.ආර් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කර ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ගේ සංගමය සදහන් කරයි.

ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ පීසීආර් පරික්ෂණයන් රෝහල තුළදීම සිදුකර ඔවුන්ව කොවිඩ් වෛරස ආසාදිතයින්ද නැද්ද යන්න හදුනා ගෙන ආසාදිතයින් නොවන පුද්ගලයින්ට අවශ්‍ය රෝගී සත්කාරයන් ලබා දීම සඳහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම පීසීආර් යන්ත්‍රය ලබා ගැනීමට සෘජුවම දායක වූ බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියලබා තිබෙන මෙම පීසීආර් යන්ත්‍රය භාවිතා කළ නොහැකි යැයි පවසමින් මෙම විශේෂඥවරිය් ප්‍රතික්ෂේප කර ඇත්තේ වෛද්‍ය පර්යේෂණායතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥවරයෙකුගේ උපදෙස් මත යැයි ද ඔවුන් මෙය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වෙනත් නිෂ්පාදිතයක් මිලදීගැනීම සදහා යැයි ද හෙතෙමෙ පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම යන්ත්‍රය ජාතික රෝහල වෙත ලැබුණේ නම් දිනකට සිදුකරන පීසිආර් සංඛ්‍යාවට 2000ක පමණ ධාරිතාවක් ලබාගැනීමට හැකිවනු ඇතැයිද සංගමය අවධාරණයකරයි.

Exit mobile version