ජාත්‍යන්තර පොලිස් ID එකක් ගන්න ගිය හොර CID අයි.පී. අල්ලයි 

විකුම් වික්‍රමසිංහ: 
 ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුනුම්පතක් සකස්කර ගැනීමට අවශ්‍ය බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් ඊයේ (15)  පොලිස්  ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට  පැමිණි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 12 පදිංචි එම පුද්ගලයා 23 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසර ට ප්‍රකාශ කළේය..

ජාත්‍යන්තර පොලිස් සංගමයේ  ශ්‍රී ලංකා ශාඛාව  ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථාන පරීශ්‍රය තුළ පිහිටා ඇත. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු බව ඔහු පවසා ඇතත්  ඒ ගැන සැක සිතූ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කොට ඇත.  එහිදී සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජික හැදුනුම්පත සකස්කර ගැනීමට තමන් පැමිණි බවය.

ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකත්වය ඇති නිලදාරීන්ට පමණක් මෙම හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇති අතර  නිලධාරීන්ට පමණි.  එම හැදුනුම්පත ඇති ඕනෑම පොලිස් නිලධාරියෙකුට ලෝකයේ ඕනෑම රටක සංචාරය කිරීමට පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාවක් පවතී. එසේම ලෝකයේ ඕනෑම රටකදී යම් ගැටළුවකට මුහුණ පෑ විට ඒ ඒ රටවල පොලිස් ස්ථාන මගින් මෙම හැඳුනුම්පත හරහා ප්‍රමුඛතාව ලබ ාගත හැකි බවද වාර්තා වේ.

මෙවන් හැදුණුම්පතක් ලබා ගැනීමට පොලීසියේ නොවන පුද්ගලයෙක් උත්සහ දැරීම මෙන්ම එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් වීම ගැන දැඩි සැකයක් ඇතිව තිබෙන බව ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සදහන් කරයි. එබැවින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා නාරාහේන්පිට පොලීසියට භාරදී තිබේ. ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පරස්පර පිළිතුරු ලබාදෙන බැවින් ඉදිරි විමර්ශන සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේද සහය ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත.

සැකකරුව රදවා ගෙන පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

විකුම් වික්‍රමසිංහ: 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Exit mobile version