ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන බාධකය මඟ හැර ශ්‍රි ලංකාවට  ණය  දීම ගැන බලයි!

ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ආධාරය ලබා ගැනීමට අදාළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට චීනයේ කැමැත්ත පළ නොකළද විශේෂ ක්‍රමයක් මත ශ්‍රි ලංකාවට අවශ්‍ය සහන ලබා දීම පිළිබඳව මේ වනවිට එම අරමුදලේ අවධානය යොමුව ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින විශේෂ ප්‍රතිපාදනයක් භාවිත කොට ශ්‍රි ලංකාවට අවශ්‍ය ණය සහනය ලබා දීම පිළිබඳ අවධානය යොමුව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත්තේ  ශ්‍රි ලංකාවේ විශාලතම ද්වී පාර්ශ්වික ණය හිමියා වන චීනය මෙතෙක් සම්පූර්ණයෙන් ණය පුතිව්‍යූහගතකරණ ව්‍යාපෘතියට කැමැත්ත පළ නොකරන තතත්වයක් තුළය. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර ආකාරයට මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කලාතුරකින් භාවිත කරනු ලබන ක්‍රමවේදයක් මත ශ්‍රි ලංකාවට ආධාර ලබා දීම පිළිබඳව සලකා බලන බවය.

මේ වනවිට ශ්‍රි ලංකාව සෙසු ණය හිමියන් සමඟ සාර්ථකව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියකට එලඹ තිබෙන අතර පැරිස් සමාජයට අයත් රටවල්, පෞද්ගලිකව බැඳුම්කර ණය ලබා දුන් මූල ආයතන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට කැමැත්ත පළක ර ඇති  අතර මේ තත්ත්වය මත මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රි ලංකාවට අවශ්‍ය ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ සඳහා භාවිත කරන ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව දැනට අනාවරණය කළ නොහැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්ලූම්බර්ග් වෙත පවසා තිබේ.


Exit mobile version