ජාජබයට සහය දුන් හමුදා නිලධාරීන් තිදෙනකු අසාදු ලේඛනගත කරලා – අනුර කුමාරගෙන් චෝදනාවක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා ඇතුළු හමුදා නිළධාරීන් තිදෙනෙකු ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කිරීම හේතුවෙන් අසාදු ලේඛන ගත කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තට ගුවන් හමුදා කඳවුරකට ඇතුළුවීම, ව්‍යායාමාගාරයකට යෑම සහ ගුවන් හමුදාවේ කිසිදු උත්සවයකට සහභාගිවීම තහනම් කර ඇති බවයි.
රජයට එරෙහි දේශපාලන බලවේගයක් සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ වීම හේතුවෙන් තුයියකොන්තා අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.
“විශ්‍රාමික කිසිම හමුදා නිලධාරියෙකුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධාවක් නැහැ’ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, කමල් ගුණරත්න වැනි විශ්‍රාමික හමුදා නිලධාරීන් ඕනෑ තරම් ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා’ නමුත් ඔවුන්ට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යාමේ ප්‍රශ්නයක් හෝ සීමාවක් නැහැ’ ප්‍රතිවාදී දේශපාලන පක්ෂයක් සමඟ දේශපාලනය කළ පමණින් මෙම නිලධාරීන් තිදෙනා සීමා කිරීම අසාධාරණයි” දිසානායක මහතා පැවසීය.
එම ප්‍රශ්නයට පිළිතුරු දුන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ විශ්‍රාමික හමුදා නිලධාරියාට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට කිසිදු තහංචියක් පනවා නොමැති බවත්, ගම්පහ පැවති දේශපාලන රැලියක් අතරතුරදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන යාගුවන් හමුදාවේ ප්‍රතිරූපය හා විනයට හානි වෙන අන්දමේ කතාවක් කිරීම හේතුවෙන් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත අසාදු ලේඛනගත කළ බවත් ය.

Exit mobile version