ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනකුගේ තරු ගැලවෙයි?

පොලිස් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනකුගේ තනතුරු පහත හෙළිමකට ලක්වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට පොලිස් කොමිසම ද නීතිපති දෙපාර්තමේන්තුව වෙත සැළකර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඔවුන් ජ්‍යෙෂ්ඨත්වය අභියෝගයට ලක්කරමින් පොලිස් අධිකාරීවරුන් පිරිසක් විසින් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බව සඳහන් වේ.


නියමිත ක්‍රමවේදයට අනුකූල නොවන ලෙපසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස ඔවුන් සිව්දෙනා පත්වීම හේතුවෙන් එතෙක් එම නිලයේ සිටි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ගණනාවකගේ ජ්‍යෙෂ්ඨකත්වය සහ ඔවුන්ට ලැබෙන උසස්වීම් අභියොග්යට ලකවන බැවින් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙම ලකකිරීම් වළක්වන ලෙස අධිකරණයෙන් පෙත්සමක් මඟින් ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් කොමිසමේද අනුමැතිය මත මෙම ‍ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව්දෙනාගේ තනතුරු යළි පොලිස් අධිකාරීවරුන් ලෙස පත්කිරීමට අදාල පියවර ගෙන ඇත්තේ එයින් මෙම ධුරයේ සිටින නිලදාරීන් රැසක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවීම වැළක්වීම පියවරක් ලෙසින් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version