ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයකට මාරු

DIG

ශ්‍රි ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකුට ස්ථාන මාරු ලැබී තිබේ. ඒ අනුව මධ්‍යම පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් පතිනායක පොලිස් මූලස්ථානයේ අපරාධ , සංවිධානාත්මක අපරාධ , අපරාධ බුද්ධි පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය සහ පොලිස් මැතිවරණ අංශය යන අංශ භාරව පත් කොට ඇති අතර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස දැනට උතුරු මැද භාර ව සිටි නන්දන මුණසිංහ මහතා පත් කොට තිබේ.

නැගෙනහිර පළාත් භාර ව සිටින නිලන්ත ජයවර්ධන මහතා උතුරු මැද පළාතට යොමු කර ඇති අතර රොෂාන් ප්‍රනාන්දු මහතා සබරගමුව පලාතේ සිට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසින් පත් කොට ඇති අතර ඔහු ඊට අමතර ව ඌව පළාත භාර වැඩබලන පොලිස්පතිවරයා ලෙසින්ද කටයුතු කරනු ඇත. දැනට ඌව පළාත් භාරව කටයුතු කරන ෆ්‍රැන්ක්ලි ප්‍රනාන්දු මහතා කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව කොවිඩ් මර්දන කටයුත භාරව පත් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ මූලස්ථානයේ අපරාධ අංශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සබරගමුව පළාත් භාරව පත් කොට ඇත. පොලිස් පරිපාලන කටයුතු භාරව දැනට පොලිසියේ සිටින දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජගත් අබේසිරිගුණවර්ධන මහතා පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙසින්ද පත් කොට ඇත.


Exit mobile version